මත් පෙති හා කුඩු සමග රත්නපුර ෆේස්බුක් සාදයේ 40 ක් අත්අඩංගුවට

ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ පණිවිඩ යවා රත්නපුර ප්‍රදේශයේදී සංවිධානය කළ සාදයක් අතර සිදු කළ
වැටලීමකදී මත්ද්‍රව්‍ය ළඟ

තබා ගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙකූ  අත්අඩංගුවට ගෙන තිබේ.
 රත්නපුර සිරිපාගම වේවැල්වත්ත ප්‍රදේශයේ ඊයේ සාදය පැවති ස්ථානයේ සිදු වූ ආරවුලක් සමබන්ධයෙන් ලද තොරතුරු අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් ගොස් පරීක්ෂා කිරීමේදී මේ අය හඳුනාගෙන තිබේ. වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී මත් පෙති සහ මත් ද්‍රව්‍ය සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 40 පිරිස අතර තරුණියන් 10 දෙනෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළේ ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment