බෙහෙත් පෙත්ත උගුරේ හිරවී 6 හැවිරිදි සිසුවා මරුට

ගලේවෙල නගරයේ පදිංචි සය හැවිරිදි පාසල් දරුවකු බෙහෙත් පෙත්ත උගුරේ සීරවීමේන අසාධ්‍ය තත්වයට පත්ව පෙරේදා (15 දා) රාත්‍රියේ ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ. මෙසේ
මියගොස් ඇත්තේ

ගලේවෙල නගරයේ, ජයතිලක මාවතේ පදිංචි මිතුම් සනුජ ගංගොඩවත්ත යන අයයි.

ගලේවෙල ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන මෙම සිසුවාට සෞඛ්‍ය අංශ විසින් 15 දින දහවල් නිවසට ගොස් රාත්‍රී ආහාරයෙන් පසු පානය කිරීමට පණු බෙහෙත් පෙත්තක් ලබා දී තිබේ. එසේ ලබා දුන් පණු පෙත්ත  දෙකට කඩා එක කැබැල්ලක් පානය කිරීමට සිය මව විසින් දරුවාට ලබාදීමෙන් පසු එය උගුරේ සිරවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මළසිරුර දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත. ගලේවෙල පොලිස් ස්ථානාධිපති නිලංග ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පො.කො. වාස් ගුණවර්ධන මහතා පරික්ෂණ සිදු කරයි.

-අශෝක එරමිනිගම්මන-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment