මන්ද මානසික දැරියට අතවර කළ පුංචි අම්මාගේ පෙම්වතා හසුවේ


මන්ද මානසික හැවිරිදි 16 දැරියක දූෂණය කළේ යැයි යන චෝදනාව මත කුලියාපිටිය පොලිසිය අත්අඩංගුවට
ගෙන කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ත්‍රිරෝද රථ රියැදුරකු 19 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට, මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.

අතවරයට පත් මන්ද  මානසික දැරීයගේ පුංචි අම්මාගේ පෙම්වතා යැයි කියනු ලබන සැකකරු

මෙයට මාස දෙක තුනකට පමණ පෙර දිනෙක තම පෙම්වතිය මන්ද මානසික දැරීය හා සිය මිතුරකුද සමඟ ත්‍රිරෝද රියෙන් මාරවිල මුහුදු වෙරළට ගොස් තිබේ. පසුව සිය පෙම්වතිය හා මිතුරා එහි රඳවා දැරිය කැටුව කුලියාපිටිය නිවසට පැමිණ එහිදී මන්ද මානසික දැරිය දූෂණය කර මේ බව කිසිවකුට හෝ පැවැසුවහොත් මරා දමන බවට තර්ජනය කර ඇති ඇගේ නිවෙසට ඇරලවා ඇති බැව් පොලිසිය සැකකරු අධිකරණයට මැවත ඉදිරීපත් කරමින් කරුණු වාර්තා කර තිබිණි. දැරීයගේ මෙවර මාසික ආර්තවය සිදු නොවු නිසා දැරියගේ මව වෛද්‍යවරයකු වෙත ඉදිරීපත් කළ අවස්ථාවේදී දැරීය පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරයා ඇය දෙමස ගැබිනියක පවසා ඇත.

-ආර්.ඒ.විමලරුවන්-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment