භාරකාර ආණ්ඩුව ගැන මෛත්‍රී අර්බුදයක : එස්.බී. මහින්දට දන්වයි.

භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කල කතාබහේදී ප්‍රගතියක් නොමැති බව ඒ සම්බන්ධයෙන් මූලිකවී කටයුතු කල ශ්‍රීලනිප 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශකර ඇති බව වාර්තා වෙයි.

ඒ ඊයේ (11) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසේ කැඳවා තිබූ සාකච්ඡාවේදීය.

 ශ්‍රීලනිපය සමගින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් අදහස් විමසීම සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා ශ්‍රීලනිප 15 කණ්ඩායම එහිදී කැඳවා තිබිණ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කර ඇත්තේ ඊයේ රාත්‍රීයේ පැවති සාකච්ඡාවේදී භාරකාර ආණ්ඩුවක් ගැන සාකච්ඡාවක් සිදු නොවූ බවත්, ආණ්ඩුවේ ඉදිරි මාස 11ක කාලය තුළදී ඇතිවන තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය හා ඉදිරි දේශපාලන කටයුතු බෙදාහදා ගෙන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පමණක් සාකච්ඡා කළ බවය.

කෙසේ වුවත් ඊයේ මේ රැස්වීමට පෙර නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුයේ, සභාග ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විශාල බලාපොරොත්තුවක් නැති බවය. නමුත් එවැනි යෝජනාවක් ආවොත් ඒ පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment