නව අගවිනිසුරු නලින් පෙරේරා.


නව අගවිනිසුරුවරයා ලෙස පත්කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යවනු ලැබ ඇතැයි වාර්තා වේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද  (12) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිත බැවින් එම ධූරය පුරප්පාඩු වේ.

ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර යවන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර එවීමෙන් පසුව හෙතෙම නව අගවිනිසුරුවරයා ලෙස හෙට (13) දිනයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

නව අගවිනිසුරුවරයා පත්කර ගැනීම සඳහා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද  (12) රැස්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිලකාලය ද ඉකුත් දා අවසන් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ද අලුතින් සාමාජිකයින් මේ වනවිට පත් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment