මහේන්ද්‍රන් හොයන්න මාධ්‍යවේදියෙක් කොරියාවට යයි.
ආන්දෝලනාත්මක බැදුම්කර වංචාව රටට අනාවරණය කිරීමේ සිට මේ දක්වා එම වංචාවේ නියැලුණු අයවලුන් පසුපස නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට වඩා වැඩි ජවයකින් හඹා යන මෙරට ගවේශණාත්මක මාධ්‍යකරණයේ ප්රමුඛයෙකු ලෙස සැලකෙන ෆරාස් ෂෞකාට් අලී මහතා බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සොයා දකුණු කොරියාවට ගොස් ඇතැයි වාර්තා වනවා.
මෙතෙක් ශ්‍රී ලංකාවේ පොලීසියට සොයා ගැනීමට නොහැකි වූ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට දකුණු කොරියාවට පැන ගොස් ඇති අතර ෆරාස් ෂෞකාට් මහතා ඔහු පසුපසම හඹා යමින් මෙරට ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා සිය ජීවිතය පවා අවදානමේ හෙලමින් කටයුතු කරමින් සිටියි.
මෙම බැදුම්කර මඟඩිය පිළිබඳ රටට අනාවරණය වීමෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන්ට රටෙන් පැනයාමට් අවැසි පරිදි එහි විමර්ශන කටයුතු අඩාල වීමට බලපෑ වැදගත් කරුණු පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ෆරාස් ෂෞකාට් අලි මහතා විසින් නුදුරේදීම සිදුකිරීම්ට නියමිත බවද වාර්තා වී තිබේ.
0 comments :
Post a Comment