රවී සහ දයාසිරිව ගේන්න කැබිනට් සංශෝධනයක්.
එජාප මන්ත්‍රී හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන අය නැවත කැබිනට් මණ්ඩලයට ගෙන ඒම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සැරසෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය විසින් කිහිපවිටක්ම කරුණානායක මහතා නැවත අමාත්‍ය ධුරයේ පිහිටවන්නැයි ඉල්ලීම් කර තිබුණත් එම ඉල්ලීම් මේ වන තෙක් ක්‍රියාත්මක වුයේ නැත.
පසුගිය බැඳුම්කර නිකුතුවට අදාළ ගණුදෙණුවේදී අර්ජුන් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගම සමඟ සම්බන්ධතා පැවැත්වූයේ යැයි සහ වරප්‍රසාද ලබා ගත්තේ යැයි කරුණානායක මහතාට චෝදනා එල්ල වුණු අතර ඒ අවස්ථාවේදී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුයේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමත් සමඟය.
පසුව ඒ මහතා “16 කණ්ඩායම” සමඟ එක් වුණු අතර නැවත එම කණ්ඩායමෙන් ඉවත් වී “මෛත්‍රී පිළට” එක් වුණු අතර ජනාධිපතිවරයා විසින් දයාසිරි මහතාව කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරයට පත් කළේ “16 කණ්ඩායම” නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාවද ධූරයෙන් ඉවත් කරමිනි.
0 comments :
Post a Comment