එජාපයේ ලොකු පිරිසක් මහින්දට එකතු වෙනවා : ආනන්ද අලුත්ගමගේ

තමන් ඇතුළු එ.ජා.ප. මන්ත්‍රින් විශාල පිරිසක් මහින්ද රාජපක්‍ෂ නව අගමැතිවරයා සමඟ එක්වන බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ පැවැසීය.

ඊයේ රාත්‍රියේ ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම පිහිටිනිවෙසට පැමිණ මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"රටේ අනාගතය ගැන හිතලා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගත් තීන්දුවට අපි ගරු කරනවා. රට ඉදිරියට ගෙනියන්න මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා එක්ක මමත් එ.ජා.ප.යේ තවත් විශාල මන්ත්‍රි පිරිසකුත් එනවා. අපිට අරලියගහ මන්දිරයෙන් කෝල් එනවා කවුරුත් එහෙ යන්නේ නෑ. මේක කරන්න තිබුණේ මීට කලින්. අපි විශ්වාසභංගයේදී මේක කරන්න ගියා. ජනාධිපතිතුමා කිව්වා ටිකක් ඉවසන්න කියලා. දැන් තමයි හොදම වෙලාව අපි ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා එක්ක වැඩ කරනවා" යැයිද මන්ත්‍රිවරයා කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment