පූජිත ජයසුන්දර ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු.


පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ද ලක්වූ අතර ඒ අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි පැවැසේ.

මේ අතර පූජිත ජයසුන්දර මහතාට පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මීට පෙර දැනුම් දී තිබූ බව ද වාර්තා විය.

පූජිත් ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් එම පුප්පාඩුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස් එම් වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට නියමිත බවද රජයේ ආරංචිමාර්ගවලින් පැවැසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment