අයවැයෙන් රජයේ සේවක පඩි වැඩිවෙයි.

නොවැම්බර් මස 05 දින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 1000ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. එම වැටුප් වර්ධකයට සමගාමීව විශ්‍රාම වැටුප් අනුපාතද සංශෝධනය කරනු ඇත.

වසර 2015 වත්මන් රජය බලයට පත්වූ පසු රුපියල් දසදහසක වැටුප් වර්ධකයක් රාජ්‍ය සේවකයන්ට හිමිවූ අතර ඉන්පසු ගතවූ වසර තුනේම වැටුප් වර්ධක හිමිවූයේ නැත. පවත්නා පීඩාකාරී ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස වැටුප් වර්ධකය ලබාදීමට රජය තීන්දු කළ බවද කියැවේ.

මේ හැර දැනට අධික බදු බරින් පීඩාවට පත්ව ඇති ඉදිකිරීම් අංශය, හෝටල් ක්ෂේත්‍රය හා කෘෂි අංශය සඳහා බදු සහන සමඟ නව බදු අනුපාත නියම කෙරෙනු ඇතැයිද දැනගන්නට තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment