'ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉඩම් රජයෙන් පිට දෙන්නේ නෑ' - අර්ජුන.


ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම තව දුරටත් රජය සතුව තබා ගැනීමේ තීරණයේ වෙනසක්‌ නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

 වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා ප්‍රකාශ කළේ තෙල් ටැංකි සංකීර්ණයේ පහළ කොටසේ පිහිටි ටැංකි 15 ක්‌ ලංකා අයිඕසී සමාගමේ භාවිතයට දී ඇති බවය. ඉහළ කොටසේ පිහිටි තෙල් ටැංකි 85 ක්‌ සංවර්ධනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව හා ලංකා අයිඕසී සමාගම අතර උප සමාගමක්‌ පිහිටුවා එය භාර දීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment