අාණ්ඩුවට ටී.එන්.ඒ. සහය : විග්නේෂ්වරන් පක්ෂයක් මිලට ගන්න සොයයි.

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යහපාලන රජය ස්ථාවරව පවත්වාගෙන යා යුතු හෙයින් අවශ්‍ය අවස්ථාවක රජයට සහාය විය යුතු බවට දෙමළ සන්ධානයට උපදෙස් දී ඇත්තේ ප්‍රබල යුරෝපා රටවල් තුනක තානාපතිවරුන් බවද දැනගන්නට ඇත.

මේ ගැන දෙමළ ජාතික සන්ධානය තුළද ප්‍රබල මතගැටුමක් හටගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ දෙමළ සන්ධානය රජයට සහාය පළකරන්නට ගියහොත් මහ ඇමැති විග්නේෂ්වරන්ගේ විකල්ප දේශපාලන පක්ෂය උතුරේ හිස ඔසවනු ඇතිබවට දෙමළ සන්ධාන නායකයන් තුළ හටගෙන තිබෙන සැකයයි.

කෙසේ වෙතත් තානාපති අංශවලින් එල්ලවන ප්‍රබල බලපෑම් හමුවේ මේ ගැන අවසන් තීන්දුවක් ගැනීම කල්දමා තිබේ.


විග්නේෂ්වරන් පක්ෂයක් මිලට ගන්න සොයයි

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා දකුණේ ලියාපදිංචි කර තිබෙන දේශපාලන පක්ෂයක් ලබාගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙයි.

එහි ආරම්භක පියවර ලෙස හිටපු අමාත්‍යවරයකුට අයත්ව තිබෙන පක්ෂයක් මුදල් ගෙවා ලබාගැනීමට සාකච්ඡා කර ඇතත් තාමත් ඒ ගැන අවසන් තීන්දුවක් නැත. ඒ හැර තවත් මුස්ලිම් දේශපාලන නායකයකු සතු පක්ෂයක් අත්පත් කරගැනීමට ද සාකච්ඡා පවත්වා ඇතැයි කියැවේ.


විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පක්ෂයක් උතුරේ මහ ඇමැතිවරයාට ඉදිරිපත් වීම සඳහා මෙලෙස අලුත් පක්ෂයක් ලබාගැනීමට සූදානම් වී ඇති බව දැනගන්නට ඇත. හදිසියේ නව පක්ෂයේ ලියාපදිංචි කළ නොහැකි නිසා මෙම තීරණය ගෙන ඇතැයි තතු දත් ආරංචි මාර්ග කියයි.

(දේශය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment