ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් විකිණේ.


මෙරට ප්‍රධාන රාජ්‍ය වාණිජ බැංකු දෙක ලෙස සැලැකෙන ලංකා බැංකුව සහ මහජන බැංකුවේ කොටස්වලින් 20% කොටස් වෙළෙඳපොළේ අලෙවිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

අදාළ බැංකු දෙකේ ප්‍රාග්ධනය වැඩිකිරීමේ අරමුණින් කොටස් අලෙවිය සිදුකෙරෙන බවත් බැංකුවේ සේවක සේවිකාවන්ටද මෙහිදී කිසියම් කොටස් ප්‍රතිශතයක් ලබාදීමට යෝජිත බවත් දේශයට වාර්තා වෙයි. බැංකු සේවක සේවිකාවන්ට හිමිවන කොටස් සඳහා ඔවුන්ගෙන් මුදල් අය නොකරන නමුත් ඒවා කිසිම හේතුවක් මත අලෙවි කිරීම තහනම් කර තිබේ.

පසුගිය කාලය පුරාම දැඩි ආන්දෝලනයකට ලක්වූ රාජ්‍ය බැංකු කොටස් අලෙවියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත්තේ පසුගිය මස 09දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment