ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12 වැනිදා) පුරා පැය දෙකක් තිස්සේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇත.
ඊයේ පෙරවරු 10.30 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ගෝඨාභය රාජපක්‍ෂ මහතා 12.30 පමණ වන තුරු එම කුමන්ත්‍රණ සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබාදී ඇත.
මෙම කුමන්ත්‍රණයේදී තම ජීවිතයට තර්ජනයක් එල්ලවී ඇති බව කියමින් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිල්ලක් කර තිබිණි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළ තොරතුරු දැනගැනීම සඳහාය.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment