නාමල්ගේ බව කී මස්ටෑන්ග් රථය නිදහස්.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස 2010 වසරේදී තමන්ට හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහජන බැංකුවේද ලීසිං පහසුකම් යටතේ මිලදී ගත් ෆොර්ඩ් මස්ටෑන්ග් රථය එහි වත්මන් හිමිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) නියෝග කර තිබෙනවා. 

පොලිස් මූල්‍ය අපරාධ ඒකකය 2016 වසරේදී මෙම මෝටර් රථය සිය භාරයට ගත් අතර අයථා ලෙස උපයෝගී කරගත් මුදල් යොදා ගනිමින් මෙම මෝටර් රථය මිලදී ගත් බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදා එල්ල කර තිබුණා. 

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා 2015 වසරේදී මෙම මෝටර් රථය නිසි ක්‍රමවේදය අනුව වෙනත් පාර්ශ්වයකට විකුණා ඇති අතර පසුව ඔවුන් පිළිබඳවද පොලිස් මූල්‍ය අපරාධ ඒකකය පරීක්ෂණ කරනු ලැබුවා.

කෙසේ වෙතත් වසර 02කට ආසන්න කාලයකට පසුව නැවතත් එම මෝටර් රථය එහි නියම හිමිකරුවන් වෙත මුදා හැරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment