'හිල්ටන්' හෝටලයේ ආණ්ඩුවේ කොටස් විකිණීමේ සූදානමක්.


රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් හා මාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. 

රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව අනාවරණය කර ඇත.

මේ අනුව දැනට ඉදිකිරීම් සිදුවෙමින් පවතින කොළඹ හයට් හෝටල් ගොඩනැගිල්ල සහ හිල්ටන් හෝටලයේ රජයේ හිමිකාරීත්වය මෙයාකාරයෙන් විකුණා දැමීමට නියමිතය.

කාමර 458 කින් සහ මහල් නිවාස ඒකක 100 කින් යුතු හයට් හෝටල් ගොඩනැගිල්ල අයත් කැන්විල් හෝල්ඩිංග්ස් හී පූර්ණ හිමිකාරීත්වය රජය සතුව පවතී.  හිල්ටන් හෝටලයේ සියයට 51 ක කොටස් හිමිකාරීත්වය පවතින්නේ රජය සතුවය.

මෙම හෝටල් දෙකෙහි අයිතිය විකුණා දැමීම හරහා ඩොලර් මිලියන 500 ක් එක්රැස් කර ගැනීමට රජය බලාපොරොත්තු වේ.

රජය සතු විශාල වාණිජ ව්‍යවසායයන්හි විනිවිදභාවය, වගවීම සහ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා අවධාරණය කරනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment