'රා' නියාමනයක් නැහැ : කෘතීම රා භාවිතය අනතුරු රැසකට අතවනයි.


කෘතීමව නිෂ්පාදනය කරන 'රා' හේතුවෙන් අර්බුධ ගණනාවක් මතුව තිබෙන බව වාර්තා වේ.

ස්වාභාවිකව නිෂ්පාදනය කරන බව පවසමින් පවත්වාගෙන යන තල් රා, පොල් රා, කිතුල් රා නිෂ්පාදන 100%ක් ම කෘතිමව නිෂ්පාදනය කරනු ලබයි.

මෙම රා පානය කිරීම හේතුවෙන් සෞන්ධර්‍ය විශ්ව විද්යාලයේ සිසුවෙකු මිය ගිය අවාසනවන්ත පුවතක් ද පසුගිය දා වාර්තා වූ අතර සීනි, යුරියා සමඟ වතුර භාවිතා කර වර්තමානයේ නිශ්පාදනය කරන කෘතීම 'රා' පැසීම වේගවත් කිරීම සඳහා පරණ බැටරි වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය ද භාවිතා කරනු ලබයි.

මේ පිලිබඳව අදහස් පලකළ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේ මෙම කෘතීම රා පානය කිරීමත් යුරියා දිය කර පානය කිරීමත් අතර වෙනසක් නැති බවයි. මෙමඟින් ශරීරයට වන හානිය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෙම කෘතීම රා වල අඩංගු විෂ රසායනිකයන් නිසා අස්ථි පද්ධතිය දිරා යාමේ දැඩි අවධානමක් පවතින අතර මේ කෘතීම රා වලට එකතු කරන පරණ ඵ්හොනෙ බැටරි වල ඇති විෂ රසායනිකයන් වකුගඩු රෝගවලට අතවනන්නක් බව ප්‍රකාශ කළේය. 

අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ රටේ මහජනතාවගේ පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු මෙවැනි නිෂ්පාදනයන් සහමුලින්ම වෙළඳපොලෙන් ඉවත් කිරීමට රජය විසින් දැඩි පියවර ගත යුතු අතර මෙවැනි මාරාන්තික නිෂ්පාදන සිදු කරන්නන්ට එරෙහිව දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියද කඩිනම් කිරීම රජයේ අත් හැරිය නොහැකි වගකීමකි.!!!

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment