"දකුණු ආසියාතික කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය උපයෝගී කරගෙන ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකියි."


දකුණු ආසියානු කලාපයේ විද්‍යුත් වාණිජ්‍ය ලාබාල අවධියක පැවතියත්, ලෝකයේ වේගයෙන්ම දියුණු වන කලාපයක් වන බවත්, එම නිසාම දකුණු ආසියානු කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ප්‍රයෝජනයට ගෙන එම කලාපයේ සුවිශාල ආර්ථික සංවර්ධනයක් ගොඩනැගීමට හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා ගල්කිස්ස හෝටලයේ පැවති (SAARC-CCI) දකුණු ආසියා කලාපයේ කර්මාන්ත හා වාණිජ මණ්ඩල විද්‍යුත් වාණිජ්‍ය පදනම් කරගත් කලාපීය වැඩමුළුවට සහභාගී වෙමිනි.

මෙම කලාපීය වැඩමුළුව, දකුණු ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ රොනල්ඩ් මෙයිනාර්ඩස් (Ronald Meinardus) මහතා ප්‍රමුඛව රටවල් 20 ක පමණ නියෝජිතයින් සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

"කලාපයේ වෙළෙඳාම හා වෙළෙඳ ගණුදෙනු ඉහළ නැංවීම සඳහා සාක් කලාපයේ රටවල් ඉහළ තාක්‍ෂණය භාවිතා කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. මේ මගින් වේගයෙන් සංවර්ධනය වන කලාපයේ ලෙස වෙළඳාමේ ඉහළ විභවයක් පවතිනවා. මේ නිසාම දකුණු ආසියාතික ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳාමට හා ආයෝජනයට ඉතා හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. එම නිසා රාජ්‍යයන් විද්‍යුත් වාණිජයට මුල පිරීම සඳහා නීතිමය, මුල්‍යමය, ප්‍රවර්ධන හා ටෙලි සන්නිවේදන යටිතල පහසුකම් කඩිනමින් ලබා දිය යුතු වෙනවා. මෙම අභියෝග ජය ගනිමින් විද්‍යුත් වාණිජ්‍ය හා දකුණු ආසියාවේ රටවල් සඳහා ඉහළ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා ලබා දිය යුතුයි. එබැවින් මගේ අමාත්‍යාංශය SAARC-CCI නිලධෘරීන් සමග දිගින් දිගටම සබඳතා පවත්වාගනිමින්, සාකච්ඡා කරමින් මෙම ප්‍රතිලාභයන් ලබා ගැනීමට කටයුතු කරනවා. මේ මගින් අපගේ වෙළඳ හා ආර්ථික සංවර්ධනය අත්පත් කරගත හැකි සෑම වාසිදායක තත්ත්වයක්ම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව 2016 දී ශ්‍රී ලංකා විද්‍ය්‍රත් වාණිජ්‍ය අංශයේ මුළු වෙළෙඳාම ඇමරිකානු ඩොලර් මිලියන 8 ක් වුණා. අපි එය 2020 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 4 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කරලා තියෙනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාවට දකුණු ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ රොනල්ඩ් මෙයිනාර්ඩස්, සාගරිකා දෙල්ගොඩ, SAARC-CCI සභාපති රුවන් එදිරිසිංහ, මහ ලේකම් අජිත් පෙරේරා යන මහත්ම මහත්වරුන් ද සහභාගී විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment