ළඟදීම ත්‍රීවිල් වලට මිල අඩු පෙට්‍රල්

ත්‍රිරෝද රථ සඳහා භාවිතයට ගත හැකි
මිලෙන් අඩු නව පෙට්රල් වර්ගයක්

ඉදිරි මාසය ඇතුළත වෙළෙඳපොළට හඳුන්වා දෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මෙම පෙට්රල් වර්ගයේ මිල පවතින මිලට වඩා රුපියල් අටකින් පමණ අඩු බවද අමාත්‍යවරයා පවසයි. යතුරුපැදිවලටද මෙම පෙට්රල් වර්ගය භාවිතයට ගැනීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු මේ දිනවල සිදුකරන බවද හෙතෙම කියා සිටී. එසේ එළැඹෙන ජනවාරි, පෙබරවාරි, මාසවලදී යුරෝපයට බලපාන සීත ඍතුවත් සමඟ එම රටවල ඉන්ධන භාවිතය වැඩිවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යා හැකි බවද අමාත්‍යවරයා පවසයි.

-චාමර අමරසුරිය-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment