මේ සතියේ ඉල්ලා අස්වන පොලිස්පති පූජිත් දකුණු කොරියාවේ තානාපති කරනවාලු


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇතැයි
රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී පොලිස්පතිධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවැසේ.

ඉකුත් කාල සීමාව තුළදී සාමාජයේ අන්දෝලනාත්මක කතාබහට

ලක්වූ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුම් දී තිබේ.

පූජිත් ජයසුන්දර මහතා ඉවත් වීමෙන් පුරප්පාඩුවන පොලිස්පති ධූරයට මධ්‍යම සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ පොලිස් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment