ගමන් මල්ලේ ව්‍යාජ පතුලක කෝටි දෙකහමාරක හෙරොයින් දාගෙන කටුනායකට ආ ඉන්දියන් යුවළ

https://www.gossiplankanews.com/2018/10/indian-couple-nabbed-katunayake-with-drugs.html#more
දෙකෝටි හතලිස්පන්ලක්ෂයක වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ ඉන්දියන් ජාතිකයෙකු හා ඔහුගේ
බිරිඳ අත්අඩංගුවට ගැනීමට


පොලිස් මන්දුව්‍ය ඒකකය කටුනායක ගුවන්තොටුපල ඒකකය සමත්ව ඇත.

අද (15) කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට ගුවන් මගින් පැමිණි ඉන්දියන් ජාතික යුවළක මේවා සඟවාගෙන පැමිණ තිබේ. ඉන්දියානු ජාතිකයා හා  ඔහුගේ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයාගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් තුළ සියුම් ලෙස සඟවා තිබූ හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එම පුද්ගලයා වරද සිදු කිරීම නිසාත් හෙරොයින් රැගෙන ඒම සඳහා ආධාර අනුබලදී මේ වරදට ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 02 ග්‍රෑම් 40 ක් සොයාගෙන ඇත. (මෙහි වටිනාකම රුපියල් දෙකෝටි හතලිස්පන්ලයකට අසන්න වේ)
මෙම යුවළ අද දින මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment