කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව : එජාපෙන් විරෝධතා රැල්ලක්.



රට තුළ  සිදු වන  සිදුවන ප්‍රජාන්ත්‍රවීරෝධි ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව විරෝධතා මාලාවක් පැවැත්වීමට  එකතුවන්නට එක්සත්  ජාතික  පෙරමු‍ණේ  පක්ෂ නායකයින් තීරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ  නායකයින්ගේ  ප්‍රධානත්වයෙන්  අරලියහග මන්දිරයේ පැවැති  රැස්වීමකදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණියේය.

ඒ අනුව  හෙට (21)  පස්වරු 3 ට වෘත්තිකයන්ගේ  අඛණ්ඩ සත්‍යග්‍රහයක් විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්වේ.

විද්වත් වෘත්තිකයන් හා වෘත්තිය සමිති එක්ව මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය සිදු කිරීමට නියමිතය.

එහි ප්‍රථිපලයක් නොමැති වුවහොත්  මාරාන්තික උපවාසයක් දකවා ක්‍රියාත්මක කිරීමටද ඔවුන් තීරණය කර තිබේ. ලබන 27 වැනිදා උදෑසන 9 ට  මහනුවර නගරයෙදී උද්ඝෝෂණ පැවැත්වෙන අතර 27 වැනිදා  කලුතර  පැවැත්වේ.

ලබන මස 03 වැනිදා  සියලුම වෘතිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment