බොට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එද්දි අල්ලන තීරණයේ වෙනසක් නෑ - නිවේදනයක්


පසුගිය කාලයේ ලංකාවේ මාධ්‍ය තුළ වෙළෙඳ දැන්වීම් පළ කරමින් ඔස්ට්‍රේලියානු ආගමන විගමන අංශ එම
රටට බොට්ටුවෙන්

පැමිණීමට නොහැකි බවට විශාල ප්‍රචාරයක් ගෙන යන ලදි. මේ සඳහා රූපවාහිනී ගුවන් විදලි මහා මුද්‍රිත මාධය යොදාගෙන වියදම් දරා ඔස්ට්‍රේලියානු රජය දැන්වීම් පළ කර තිබුනේ සාමාන්‍ය ජනයා අතරට මෙම පණිවිඩය පහසුවෙන් නොගිය නිසාය.
නමුත් මෑතක සිට ඒ ආකාරයට ආයෙත් එන්න හැකි යයි දන්වමින් ලංකාවේ සමාජ ජාලා තුළ දේශීය සංචාර සංවිදායකයින්ගේ දැන්වීම් දැකගැනීමට ඇතැයි එරට බලධාරීන්ට ආරංචි ලැබී ඇත.
ඒ අනුව අද ඔවුන් නැවතත් නිවේදනයක් මගින් දන්වා ඇත්තේ එම දැන්වීම් පිලිනොගන්නා ලෙසත් ඔස්ට්‍රෙිලියාවට නීති විරෝධී පැමිණීම් තවමත් එලෙසම වැලැක්වීමට පියවර ගන්නා බව දක්වමිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment