ප්‍රශ්නයක් නෑ - අපි ඡන්ද විමසීමට සූදානම් -මහින්ද දේශප්‍රිය

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ අතර නිවේදනයේ දක්වා තිබුනේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවේ 2 – ඈ අනු ව්‍යවස්ථාව

හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වැනි ව්‍යවස්ථාවේ දෙවන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවේ 5 වැනි අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි.
පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි මස 5 වන දා සිදු කිරීමටත් ඒ සඳහා නාම යෝජනා භාරගැනීම මේ වසරේ නොවැම්බර් මස 19 වන දා සිට 26 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමටත් ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයාමා නියම කර තිබේ. අභිනව පාර්ලිමේන්තුව රැස් වන්නේ 2019 ජනවාරි මස 17 වැනිදායි.
ගැසට් නිවේදනය නිතියට පටහැනි බවට විවිධ පක්ෂ අදහස් දක්වා තිබෙන නමුත් තමන්ට ඇති බලතල ප්‍රකාරව ජනපති මෙවැනි නියමයක් කළ විට එය ප්‍රශ්න කිරීමට අවශ්‍යතාවයක් නැති බව  සභාපති මහින්ද දේශප්‍රිය මහතා දන්වා ඇත. ඒ අනුව නියම කර ඇති දිනවලදී අදාළ කටයුතු තමන්ගේ කණ්ඩායම ඉටු කරන බවද දන්වා ඇත.
මේ ව්‍යවස්ථානුකූල ගැටලුව සම්බන්ධයෙන් ලබන සඳුදා (12) ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට දේශපාලන පක්ෂ කිහිපයක් කටයුතු කරන බවද අද (10) සවස වාර්තා විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment