ආරච්චිකට්ටුව රාජකදලුව සුසාන භූමියේ මිනී වළක් ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල්ල මත කුඩා
ප්‍රමාණයේ බෝනික්කන් 18කට
ඉදිකටු ගසා එක් බෝනික්කෙක් මත තඹ කොළයක් අමුණා තිබියදී ප්‍රදේශවාසීන් විසින් 23දා සොයාගනු ලැබීය. මෘතශරීරයක් භූමදානය කිරීම සඳහා වළක් කැපීමට පැමිණි පිරිසක් විසින් මෙම බෝනික්කන් සොයාගෙන ඇත. පරණ මිනී වළක කොන්ක්‍රීට් ලෑල්ල මත මෙම බෝනික්කන් තිබී ඇති අතර එම මිනී වළේ කොන්ක්‍රීට් ලෑල්ලද අඩක් විවෘත කර තිබෙනු දක්නට ලැබිණි. තවද බෝනික්කන් මත නම් කීපයක් ලියා තිබෙනු දක්නට ලැබිණි.
මෙම ක්‍රියාව කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් තවත් පිරිසකට එරෙහිව ඔවුන් නැසීමට සිදුකරන ලද ගුරුකමක් විය හැකි බවට ප්‍රදේශවාසීන් පවසයි. මේ පිළිබඳව ආරච්චිකට්ටුව පොලිසියද දැනුවත් කර ඇතත් කිසියම් කෙනකු මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව පොලිසිය පවසයි.
-වීහේණ අනුරාධ-
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment