නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග ෆේස්බුක් සාදයට ආ 89 ක් අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක්  මිතුරන්ගේ සාදයක් පවත්වමින් සිටි කාන්තාවන් 06 ක් ඇතුළුව පුද්ගලයන් 89 දෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මොවුහු අවුරුදු - 19,20,25,30,35,45 ආදී විවිධ වයස් කාණ්ඩවල පසුවූවෝ වෙති.
පොලිස් අත්අඩංගුවට පත් පිරිස් අතර කොළඹ, දෙහිවල,  හෝමාගම, කුරුණෑගල,  අනුරාධපුර, තඹුත්තේගම, ත්‍රිකුණාමලය, පොළොන්නරුව බැඳිවැව  ගල්කිස්ස පොල්ගහවෙල නුවරඑළිය මහනුවර මාතර ගාල්ල ත්‍රීකුණාමලය සහ මඩකලපුව යන විවිධ ප්‍රදේශවල
පදිංචිකරුවන් සිටිම විශේෂත්වයකි.
මෙම සාදයේදී හෙරෝයින් කේරළ ගංජා මත්පෙති සහ අබින් හමුව ඇත.
පොලීසියට ලද තොරතුරක් අනුව මෙම ෆේස් බුක් (මුහුණු පොත) සාදය මින්නේරිය ප‍්‍රදේශයේ පැවැත්විමට නියමිත තිබු බවත් පසුව එම ස්ථානය වෙනස් කර හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක මෙම සාදය පවත්වා තිබේ.
පොලීසිය එම හෝටලය (03) දින අලුයම 12ට පමණ වටලන අවස්ථාවේ පිරිස සංගීතය සමග නටමින් සිටි ඇති අතර පසුව පරික්ෂාවට ලක් කිරිමේදි ඔවුන් සතුව හෙරෝයින් මිලිග‍්‍රෑම් 30ක් කේරළ ගංජා ග‍්‍රෑම් 28ක් ඇපැල් වර්ගයේ මත්පෙති 05ක් අබින් ග‍්‍රැම් 10ක් ගංජා සුරුටිටු 02ක් සහ හදුනා නොගත් මත්පෙති වර්ග රැසක් සහ මුදල් රුපියල් එක්ලක්ෂ පනස් අටදාහක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සාදයට සහභාගි විම සඳහා එක් අයකුගෙන් රුපියල් 2500ක මුදලක් අය කරගෙන ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකාරියන් සහ සැකකරුවන් මත්දුව්‍ය සමඟ (03) දින හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව හිගුරක්ගොඩ පොලීසිය පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment