ගණිකාවන්ට දුන් කෙසෙල් ගෙඩිවල මෙගන් මාර්කල්ගේ අත්අකුරු


පසුගිය 1 වනදා නිරිතදිග එංගලන්තයේ ‘බ්‍රිස්ටල්‘හි පැවති සමාජ සුබසාධන වැඩසටහනකට හැරි කුමරුගේ බිරිය මෙගන් මාර්කල් සම්බන්ධව සිටියා. මෙම වැඩසටහන ක්‍රියාත්මකවූයේ එරට සමාජයට බරක්ව පවතින
වීදි ගණිකාවන් එම තත්වයෙන් මුදාගැනීම වෙනුවෙනි. මෙහිදී මෙගන් මාර්කල් එම වැඩසටහනට එක්වූ ගණිකා වෘත්තියේ නිරත අයට දිවා ආහාර පාර්සල ලබාදුන් අතර ඒවායේ තිබුණ විශේෂත්වයක් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එම දිවා ආහාර පාර්සල සමග අතුරුපස ලෙස කෙසෙල් ගෙඩිද එක්කර තිබූ අතර
එම කෙසෙල් ගෙඩිවල ලෙල්ලේ මෙගන්ගේ අදහසකට අනුව ඇගේම අත්අකුරින් “You are strong,” ″You are special,” හා “You are brave!” ආදී වැකි සටහන් කර තිබීම මෙම විශේෂත්වයයි.

ඔබ සැම ශක්තිමත් ඔබ සැම විශේෂයි ඔබ සැම බුද්ධිමත් යනුවෙන් ඔවුන් අගය කර ඔවුන්ගේ ආත්ම ගෞරවය රැකදීම අතරතුර එම වෘත්තියෙන් ඉවත්වීමට මගපෙන්වීම මෙහි අරමුණ විය.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment