දීර්ඝ නිවාඩුව අතරතුර ඒටීඑම් යන්ත්‍ර වලින් මුදල් සොරාගැනීමේ සිද්ධි රැසක් රාජගිරිය කළුබෝවිල

https://www.gossiplankanews.com/2019/02/bank-atm-alert.html
දින 3 ක දීර්ඝ නිවාඩුව ලැබී තිබෙන කාලය අතරතුර පෙබරවාරි 2 -3 තුළ රාජගිරියේ හා කළුබෝවිල ඒටීඑම් යන්ත්‍ර රැසකින් මුදල් කොල්ලකෑමේ සිද්ධි වාර්තාවී තිබේ. මෙම අත්දැකීම් වලට ලක්වූවන් ෆේස්බුක් ඔස්සේ තමන් බැංකු ගිණුමෙන් නොගත් මුදල් කවරෙකු හෝ ඒටීඑම් යන්ත්‍ර හරහා ලබාගෙන ඇති බවට
කෙටි පනිවිඩ ලැබී ඇතැයි

වාර්තා කර තිබේ.
මෙම කොල්ලකෑම් සිදු කර ඇත්තේ පාරිභෝගිකයින්ගේ ඒටීඑම් කාර්ඩ්වල රහස්‍ය අංක කිසියම් ක්‍රමයකින් සොයාගෙන ඒවා පාවිච්චි කිරීමෙනි.

මේ නිසා තමන්ගේ කාර්ඩ් පත්වල ආරක්ෂක විධිවිධාන තරකරගන්නා ලෙසත් මේ සම්බන්ධ යම් පැමිණිලි තිබුණත් බැංකු නිවාඩු පවතින කාලය තුළ ඒ ගැන විමර්ශන මන්දගාමී වනු ඇති බවත් උපදෙස් ලබාදී තිබේ.
ඒ සම්බන්ධ FINCSIRT සටහන පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment