පොහොට්ටු - ශ්‍රීලනිප සන්ධානයේ සභාපතිකම මහින්ද ඉල්ලයි : සිරිසේන කවුද?


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බිහිකරන නව සන්ධානයේ සභාපතිධුරය අනිවාර්යයෙන්ම තමන්ටම හිමිවිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

දැනට තමන් සභාපතිවරයා ලෙස කටයුතු නොකරන නමුත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ තමන් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බවත් මුලින්ම මේ පිළිබඳව සාකච්ඡා කර සිටිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මහනායක හිමිවරුන් බැහැදැකීම සඳහා ඊයේ (02) මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

එහෙත් නව සන්ධානයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment