ඇමරිකාවට ශ්‍රී ලංකාවේ දේශසීමාවට ඇතුළුවීමේ අවසරයක්: ගෝඨා දීලා!


ශ්‍රී ලංකාවේ දේශසීමාවට ඇතුළුවිම සඳහා ඇමෙරිකානු හමුදාවට අවසර ලැබී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකාව සමග අත්සන් තැබු ඇක්සා නම් ගිවිසුමක් නිසා බව ආණ්ඩුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත.

ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති සිය යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුම ආරම්භ කර ඇතැයි පසුගිය 'ඉරිදා දිවයින' සංග්‍රහයේ පලවී තිබිණ.

ඇක්විසිෂන් ඇන්ඩ් ක්‍රොස් සර්විසස් ඇග්‍රීමන්ට් හෙවත් ඇක්සා ගිවිසුමට අනුව ශ්‍රි ලංකාවේ දේශසිමාව තුළට ඇමෙරිකානු හමුදාවට ඇතුළුවීමට හා මිසයිල, රසායනික අවි, ටෝපිඩෝ ආදී බර අවි ආයුධ පද්ධති නොවන වෙනත් පහසුකම් ගෙනඒමට අවසර ලැබෙයි.

ආහාර, ජලය, ඇදුම්, ඖෂධ ආදී පහසුකම් ඒ අනුව ගෙන ආ හැකිය. එලෙස ගෙන එන භාණ්ඩවල ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු අතර ඒ වෙනුවෙන් ගෙවීම් කළ යුතුය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි මෙම ගිවිසුමෙහි පිටපතක් තිබෙන අතර එම පිටපත අත්සන් කර ඇත්තේ එවකට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් අතරය. ඒ 2007 ජූලි 05 වැනිදා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේදීය.

මෙම ගිවිසුම වසර දහයකට බලපාන පරිදි අත්සන් තබා තිබුණු අතර 2017 මාර්තු මාසයේදී ගිවිසුමෙහි කාලය අවසාන වී තිබුණි.

කෙසේ වෙතත් මෙම ගිවිසුමෙහි කාලය දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බව 2017 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබුණු අතර, ඒ අනුව මෙම ගිවිසුම දීර්ඝ කර තිබේ.

ඇක්සා ගිවිසුව ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර පමණක් අත්සන් තැබූ ගිවිසුමක් නොවන අතර, ඇමරිකාව සමග රටවල් ගණනාවක් විසින් අත්සන් තබා ඇති ගිවිසුමකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment