සිරිසේනගේ තුරුම්පු පරාදයි!


වත්මන් ආණ්ඩු කාලය තුළ එක්සත් ජාතික පක්ෂයෙන් සිදුකර තිබෙන වංචා දූෂණ සෙවීමේ කොමිෂන් සභා වාර්තාව ප්‍රධාන මැතිවරණ තුරුම්පුවක් කර ගැනීමට ජනාධිපතිවරයාගේ තිබෙන උත්සාහය සම්පූර්ණයෙන් පුස්සක් වී ඇති බවට තොරතුරු හෙලිවේ.

එම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ද කිසිදු ඵලදායී ක්‍රියාමාර්ගයකට යොදා ගනු ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලය තුළ පවා කිසිඳු විශ්වාසයක් නැති බව අනාවරණය වේ.

එජාපයේ වංචා දූෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව මේ වනවිට පරීක්ෂණ සඳහා වාර්තා සහ දත්ත ලබාගනිමින් සිටියි. අවසන් වාර්තාව ලබන ජූලි මාසයේ හෝ අගෝස්තු මාසයේ මැතිවරණයක් ආසන්නයේ ලබාගැනීමට නියමිතය.එය මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් කරගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවය.

මෙම කොමිෂන් සභාවට පංච පුද්ගල නියෝජනයක් තිබෙන අතර, සභාපති ලෙස විශාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, උපාලි අබේරත්න පත්කර ඇත. විශ්‍රාමික විගණකාධිපති, පී.කේ.ඒ. ප්‍රේමතිලක, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරිය, සරෝජනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී. විජය අමරසිංහ සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් රණවක ද සිල්වා යන අය සෙසු කොමසාරිස්වරුන් වෙති.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු කරන ලද බරපතල වංචා, දූෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව දේශපාලන අරමුණු මත සකස් කළ එකක් බවත්, එය නොපිලිගන්නා බවත් මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

බැදුම්කර වංචාවේ විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මෙන්ම එම වාර්තාවද අනුව කිසිදු නීතිමය පියවරක් මේ දක්වා නොගත් ජනාධිපතිවරයාගේ මෙම අලුත් කොමිෂන් සභාව පිළිබඳව ආරම්භයේදීම කිසිම විශ්වාසයක් ජනතාව තුළ ගොඩනැගී නොතිබීමෙන් සහ එය තනිකරම මැතිවරණය ඉලක්ක කළබව පැහැදිලිවීමෙන් සම්පූර්ණයෙන්ම ජනතාවගෙන් බැහැරවී යාමේ තත්වයක් මතුවී තිබෙන බව හෙළිවේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment