සකූගෙ කතාව කොපියක් නෙමේ - තව ටික දවසකින් ඉවරයි


ස්වර්ණවාහිනියේ විකාශය වන සකූගේ කතාව ටෙලි කතා මාලාව බොහෝ අය අතරට ගිය එකක්. එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සතිඅන්ත පුවත්පතකට ඒ ගැන විස්තර කර තිබුනේ මෙසේය.

‘ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක මහේන් පෙරේරා මහතා  ඉන්දියානු, කොරියානු වගේ ටෙලි නාට්‍ය  වලට අභියෝග කරන්න පුළුවන්  සංකල්පයක් ගැන මට අදහස් දුන්න.
  ඔහුට අවශ්‍ය වුණේ පොඩි ළමයෙක්. ගැහැනු හෝ පිරිමි ගායකයෙක් හරි ගායිකාවක් හරි වෙන්න ඕන තාත්තාට හරි අම්මාට හරි ගායන හැකියාවක් තියෙන්න ඕන ඒ ගොල්ල අතරේ කවුරු හරි මිස් වෙන්න ඕන කියන මූලික කාරණය . ඒක මූලික කරගෙන තමයි මම සකූගේ කතාව පිටපත ලියන්න පිටපත් රචකයින් දෙදෙනාත් එක්ක කතා කරලා මෙම කතාව ගොඩ නැගුවේ.
මේ කතාව තව කොටස් කිහිපයකින්
අවසන් වෙනවා. 

මෙම කතාවට අනුව මෙය නරඹන බොහෝ දෙනකුට සතුටක් වගේම දුකකුත් දැනෙන ලෙස මෙය අවසන් වේවි.
මේ දිනවල විකාශය වන තවත් විදේශීය ටෙලි නාට්‍යයක කොපියක් ලෙස මෙය හඳුන්වනවා.ඒක වැරදියි.

එම නාළිකාවෙන් ඒක හඳුන්වලා දුන්නේ සකූගේ කතාවේ ඔරිජිනල් කතාව කියලා. එතකොට අපේ ඒ වෙනකොට විකාශය වෙලා තිබුණේ කොටස් විසි ගණනක් වගේ. ඔය කියන කතාව ‘කුර්ෂිි කුමාර්‘ කියන ඉන්දියානු ටෙලි නාට්‍යයක්. දැනටත් ඉන්දියාවේ විකාශය වන මේ වනවිටත් කොටස් කොටස් 170ක් පමණ විකාශය වුණු මෙගා ටෙලි නාට්‍යයක්.  සකූගේ කතාව බලපු අය මේ ටෙලි නාට්‍යත් දැකපු අය ඉන්නවා.ඒ කිසිම දැන් කියන්නේ නැහැ සකූගේ කතාව එහි කොපියක් කියලා. ඒ අය එම ටෙලි නාට්‍ය මාකට් කරන්න සකූගේ කතාව පාවිච්චි කළා.ඒත් රේටින් වැඩියෙන් තිබුනේ අපේ එකට.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment