හම්බන්තොට ජාත්‍යන්තර වරායට ප්‍රථම වරට ලෝ බෝර නැවක්

සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බෝර (SLAG Cargo) මෙට්රික් ටොන් 27, 150 සහිත 'ඉතාකා පේෂන්ස්' (Ithaca patience) නමැති නෞවකාව පසුගියදා හම්බන්තොට ජාත්‍යාන්තර
වරායේ නැංගුරම් ලන ලදී.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රථම වරට මෙවැනි හැසිරවීමක යෙදුණද ඉතා උසස් කාර්යක්ෂමතාවකින් මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට වරායේ පළපුරුදු සේවක මණ්ඩලයට හැකි  වූ බවත් කොතරම් දුරට  සාර්ථක වුවද කිවහොත් ඇතැම් දිනවල මෙට්රික් ටොන් 11,OOO දක්වා ගොඩබෑම් අගයක් වාර්තා කිරීමට වරාය සේවකයන් සමත් වූ බවත් හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් ගෘෘප් (HIPG) සමාගම පවසා සිටී.

මෙයට පෙර ලෝ බෝර කුඩා යාත්‍රා මඟින් ගාලු වරායට ගෙන ඒම සිදු කෙරීණි. එහෙත් මෙවැනි විශාල තොග සහිත නෞකාවන් හැසිරවීමට ගාලු වරායේ ඉපිලුම් ගැඹුර (Graught) ප්‍රමාණවත් නොවන හෙයින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මෙම භාණ්ඩ ගොඩබෑම සාර්ථකව නිමා කළ බව එම සමාගම පෙන්වා දෙයි.

-රාහුල් සමන්ත හෙට්ටිආරච්චි-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment