හිසට බ්ලොග් ගලක් අතහැර මව මැරූ නරුම පුතා පොලිසියේ


හැත්තෑ එක් හැවිරිදි මවගේ හිසට බ්ලොක් ගල් අතහැර ඇය ඝාතනය කළේ යැයි කියන හතළිස්  අට හැවිරිදි ඇගේ පුතා මීගහවත්ත පොලිසිය මගින් 27දා අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.

දෙල්ගොඩ ඉසිගිලිකන්ද ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොළක් භාරව සිටි මෙම සැකකරු සිය මව සමග එම ගොවිපොළේ ඇති නිවසක වසර දෙකක පමණ සිට පදිංචිව සිට ඇති බව පොලිසිය කියයි. 27දා අලුයම 5.10ට පමණ සැකකරු සිය මව සමග  ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්
නිවසේ ප්‍රධාන දොර  ඉදිරිපිටදී මෙම ඝාතනය සිදු කර ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගෝනවල පමුණුවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බ්‍රාහ්මනගේ මේරි අයිරින් පෙරේරා (71) නමැති එක් දරු මවකි.

මව ඝාතනය කිරීමෙන් පසු සැකකරු ගොවිපොළේ අයිතිකරුට මිනි මැරූ බවට දුරකතන පණිවුඩයක් ලබාදී පසුව ඔහුම පැමිණ පොලිසියට බාර වූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට පත් සැකකරු මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  මහර වැඩබලන මහේස්ත්‍රාත් දේශාන් පෝල් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වන ලදී.

-සුදත් පුබුදු කීර්ති-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment