ශබ්දයෙන්,සැරසිල්ලෙන් හිරිහැර වෙන බස්වලට එරෙහිව නීතිය

මගීන්ට පීඩා වන පරිදි ගිත ප්‍රචාරය කරන සහ විවිධ සැරසිලි කරන මගී ප්‍රවාහන බස්රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන වාහන සදහා නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව පොලිස් රථවාහන
සහ මාර්ග ආරක්ෂාව

පිළිබඳ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසිය.

බස්රථවල අධික ශබ්ද නළා සවිකිරිම, බස්රථ ඇතුළත මහජනතාවට පීඩා සිදු වන අයුරින් ශබ්දවාහිනී පද්ධති යොදා තිබීම මගින් පීඩාවට පත් වන අයුරින් මල් වැට, තිර රෙදි යොදා තිබීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මහජනතාවගෙන් පැමිණිලි ලැබී ඇති බවත් පුද්ගලික බස්රථ ඇතුළු සියලු වාහනවල මෝටර් රථ ප්‍රවාහන පනත උල්ලංඝනය වන ලෙස සකස් කර ඇති සියලු දෑ ඉවත් කරන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

ඒ අනුව පසුගියදා (23) එලෙස නීති උල්ලංඝනය කළ මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහන 1,325ක් සදහා නඩු පවරා අතර එහිදී වාහන 638ක් සඳහා තහනම් නියෝග ලබා දී තිබේ. එම වාහන පිළිසකර කර මෝටර්රථ පරික්ෂකවරයකුට ඉදිරිපත් කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

-සුමන උදයන්ත-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment