ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ ප්‍රශ්න ගැන අවබෝධයක් නෑ - චම්පික

ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සමාජවාදී එසේත් නැත්නම් සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන නම් ඉවත්කර ශ‍්‍රී ලංකා ජනරජය නමින් හැඳින්නුවහම හොඳටම ඇති කියා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළකර සිටියේ
මාතර වැලිගම වෙරළ උද්‍යානය නිරීක්‍ෂණ චාරිකාවකට සහ නාගරික සංවර්ධන මඟින් ඉදිකරන ලද නව මාළු වෙළඳසැල් වැලිගම නගර සභාවට පවරාදීමේ අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ‘අපේ රටේ ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ තිබෙන ප‍්‍රශ්නය ගැන අවබෝධයක් නැහැ. අද අපේ රජයට සිදුවෙලා තිබෙනවා රටේ සංවර්ධනයට වැය කරන මුදල වගේ තුන් ගුණයක් ණය ගෙවන්න වැය කරන්න. මේ ප‍්‍රශ්නේ විසඳන හැටි කියන්න කවුරුත් නැහැ. හැමෝම නත්තල් සීයලා වගේ බෙදන එක ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම ණය කන්ද විසඳීම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නමුත් අපේ අමාත්‍යාංශය ගැන අපි බය නැතිව කියනවා මම ඇමති කෙනෙක් වෙලා වසර 12 ක් වෙනවා. ඒ හැම අමාත්‍යාංශයකම ණය බරින් බේරාගත්තා” යනුවෙන්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment