මෙරට දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව වන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වන “කෝපි කඩේ” නාට්‍යයේ පසුගියදා විකාශය වීමට නියමිතව තිබූ කාතාංගය ජනාධිපති සිරිසේනගේ සෘජු නියෝග පරිදි නතර කර දමා ඇතැයි වාර්තා වේ.
“ග්‍රාමසේවකට පිස්සු” යනුවෙන් එම කතාංගය නම් කර තිබී ඇති අතර පිස්සු හැඳුණු ගමේ ග්‍රාමනිළධාරිවරයා කඩුවක්ද රැගෙන මනෝ විකාරයෙන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු ඉන් නිරූපනය කර තිබී ඇත.
කෙසේ නමුත් තමන් පළමුවෙන්ම සිදු කළ රජයේ රස්සාව ග්‍රාමනිලධාරී රස්සාව යැයි පුන පුනා කියන ජනාධිපති සිරිසේන ට මෙලෙස කෝපි කඩේ කතාංගයක් විකාශය වීමට නියමිත යැයි දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ සිරිසේන ජනාධිපතිවරයා එම කතාන්ගය විකාශය වීම නවතා වෙනත් නාට්‍යක් විකාශය කිරීමට නියෝග කර ඇත. ඒ අනුව එදින එම කතාව විකාශයවී නොමැත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment