මම එනකන් උඹ හැංගිලා හිටපන් - කංජිපානිගෙන් හිරේ සිට ලංකාවට කෝල් එකක්

"මම රිමාන්ඩ් එකෙන් එළියට එනකම් උඹ කොළඹට එන්නේ නැතිව ඉන්න දිහාවෙම හැංගිලා හිටපන්. මම ඇවිල්ලා උඹලා ගැන බලා ගන්නම්" යනුවෙන් ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායකයකු වන
කංජිපානි ඉම්රාන් නමැත්තා මෙරට සිටින ඔහුගේ ගෝලයකුට පසුගිය දිනක දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

කංජිපානි ඉම්රාන් නමැත්තා එසේ දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ අබ්දුල් හෂාර් මොහොමඩ් රිස්වාන් නොහොත් ජී.
රිස්වාන් නමැත්තකුට බවද ඔහු කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත මෙරට අපරාධ රැසක් සිදුකර ඇති පුද්ගලයකු බවද ඔහු කංජිපානිගේ මෙරට සිටින ප්‍රධාන වෙඩික්කරුවා වශයෙන් හඳුනාගත් බවද එම අපරාධ කොට්ඨාසය පැවසීය.

එම අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයකු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉහත කී රිස්වාන් නමැති පාතාල සාමාජිකයා හෙරොයින් මිලිග්‍රෑම් 6,150ක් හා අත්බෝම්බයක්ද සමඟ ඉකුත් 23 වැනිදා පෙරවරු 4.50ට පමණ කොළඹ ජම්පටා වීදියේදී අත්අඩංගුවට ගත් බවත් එසේ අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉහතකී දුරකථන ඇමතුම ලබාදීමේ සිද්ධිය ඇතුළු ඔහු විසින් සිදුකළ අපරාධ රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බවත්ය.

මෙම සැකකරුවා ඊයේ (24දා) පස්වරුවේ කොළඹ - අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදු කරයි.

-කුමුදු උපුල් ශාන්ත-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget