රබර් පර්යේෂණායතනයේ සභාපතිනිය ලෙස ආචාර්ය විශාකා සූරියබණ්ඩාර.


වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය වැවිලි ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ ආයතනයක් වන අතර එය ඇතුළු වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ආයතන 10 ක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන් පත්කිරීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු කර ඇත. ඒ අනුව රබර් පර්යේෂණායතනයේ සභාපතිනිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පත්කර ඇත. ඇය සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන අතර කාන්තා අයිතීන් මෙන්ම සත්ව සහ පාරිසරික අයිතීන් වෙනුවෙන් ද හඬ නගන්නියක් වෙයි. මෙරට අලි මිනිස් ගැටුම විසදීම පිලිබඳවැඩ ඇය විශාල උනන්දුවක් දක්වන්නීය.

ඊයේ (31) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී මෙම පත්කිරීම් වලට අදාළ පත්වීම් ලිපි ලබාදී ඇත ඒ අනුව අනෙකුත් පත්වීම් මෙසේය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස නිමල් මිත්‍රරත්න මහතා,  ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති ලෙස ආචාර්ය මොහාන් අබේරත්න මහතා,  ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ලෙස තිලක් මහානාම මහතා,  ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති ලෙස ඩී. බණ්ඩාර කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය සභාපති ලෙස එම්.ඩබ්.එම්.බණ්ඩාරතිලක මහතා,  ශ්‍රී ලංකා උක් පර්යේෂණ ආයතනයේ සභාපති ලෙස කේ.ෆ්‍රැන්සිස් කරුණාසේන මහතා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස වයි.එල්. කපිල යකන්දාවල මහතා,  සී/ස කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති ලෙස ඒ.එම්.පියසෝම උපාලි මහතා සහ විධායක අධ්‍යක්ෂක ලෙස එච්.ඒ.පී.ටී.කේ. තුසිත ඩයස් මහතා,  සී/ස හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස ආසිරි හේරත් මහතා සහ විධායක අධ්‍යක්ෂක ලෙස එම්.කේ.බී. සෙනෙවිරත්න මහතා,  සී/ස ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ලෙස නාලක දේවින්ද මඩවල මහතා ද මෙලෙස පත්වීම් ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment