ඩොලර් මිලියන 100ක් ලබාදීම ගැන විශේෂ සාකච්ඡාවක්



අමෙරිකානු සමාගමක් විසින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී එම සාකච්ඡාව පැවති බව වාර්තා වෙයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡාව සඳහා අදාළ අමෙරිකානු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇතුළු අමෙරිකානු නියෝජිත පිරිසක් සහභාගී වී ඇති බව සඳහන්ය.

අදාළ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන පනහේ සිට සියය දක්වා ප්‍රමාණයක ප්‍රතිපාදන නිකුත් කිරීමට අපේක්ෂිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment