අවුරුදු 3කින් Auto මැකිලා ගිය ෆෝන් කෝල් ආයෙත් අහන්න පුලුවන් මැෂිමකින් එළියට පනින්න යන අභිරහස් ඝාතනවල තිත්ත ඇත්ත

මේ වන විට පරීක්‍ෂණ කටයුතු අතරමඟ නතර වී තිබෙන ආන්දෝලනාත්මක ඝාතන සහ අපරාධ රැසකට අදාළ දුරකතන සංවාදවල තොරතුරු ලබා ගැනීම සඳහා නවතම යන්ත්‍රයක් සිංගප්පූරුවෙන් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවට සතිඅන්ත පුවත්පත් වාර්තාවක දැක්වෙනවා

මේ යන්ත්‍රයේ විශේෂත්වය වන්නේ වසර තුනකට පෙර කළ දුරකතන සංවාදවල තොරතුරු ලබා ගැනීමට හැකි වීමයි. දුරකතන සංවාද හඳුනා ගැනීම සඳහා දැනට මෙරට භාවිත කරන ක්‍රමවේදයට අනුව වසර තුනක කාලයේදී සිදු කළා වූ දුරකතන සංවාද පමණක් ගබඩා කර තිබෙන අතර වසර තුන ඉක්මවා දුරකතන සංවාද ස්වයංක්‍රියව මැකී යන බවට වාර්තා වෙයි

එලෙස දුරකතන සංවාද මැකී යෑම නිසා දැඩි ආන්දෝලනයකට ලක්වූ සහ පසුගිය කාලයේදී දැඩි කතාබහකට ලක්වූ ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රැසක පරීක්‍ෂණ කටයුතු අඩපණ වී තිබිණි. එසේම ඇතැම් ඝාතන සිද්ධි සහ සංවිධානාත්මක අපරාධ රැසක පරීක්‍ෂණවල තීන්දු ලබාදීමද ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව වී තිබුණේ දුරකතන සංවාද ගබඩා කර නොතිබීමයි

කෙසේ වෙතත් සිංගප්පූරුවෙන් මෙරටට ගෙන්වනු ලැබූ නවතම උපකරණය භාවිතයට ගැනීම නිසාවෙන් පරීක්‍ෂණ අඩපණව තිබූ ඝාතන සහ සංවිධානාත්මක අපරාධ රැසකට අදාළ දුරකතන සංවාද රැසක අතිශය රහස්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමට ඒ පිළිබඳ පරීක්‍ෂණ කරන කණ්ඩායමට හැකි වී ඇත
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment