මහත්තයා ළඟ නැති නිසා මම වීඩියෝ කෝල් ගන්නවා - උදාරි වර්ණකුලසූරිය

පුංචි තිරයේ නිළියක් වගේම නිරූපන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක් තමයි උදාරි වර්ණකුලසූරිය.
කාලයක් නිහඬ වෙලා හිටපු උදාරිගේ ජීවිතේ හැමදේටම වඩා වටිනම දේ වගේම ලස්සන අම්මා කෙනෙක් වීමේ රහසක් ගැනත් සතිඅන්ත පුවත් පතකට කියලා තිබුණේ මේ විදිහට.
දැන් වැඩ ටිකක් අඩු ඇති නේද..?
මම කවදත් වැඩවලට ලොකුවට හිරවෙලා හිටපු කෙනෙක් නෙවෙයි. විවාහක රූ රැජින කිරුළ නිසා ටිකක් වැඩ තිබුණා තමයි. දැන් ඒ වගකීම දරන්න තව කෙනෙක් ඉන්න නිසා මම ඒ වගකීමෙන් නිදහස්. දැන් තියෙන්නේ පටන්ගත්ත ටෙලි නාට්‍ය දෙකක වැඩ විතරයි. වැඩිපුර වෙලාව ගත වෙන්නේ ගෙදර තමයි. දුවත් එක්ක ගතකරද්දි දැනෙන්නේ ලොකු සතුටක්.
කාලෙකින් අම්මගෙයි, දුවගෙයි ලස්සන පින්තූර ටිකක් දැක්කේ නැහැනේ..?
පින්තූර ප්‍රසිද්ධ නොවුණට අපි දෙන්නා නිතරම පින්තූර ගන්නවා.
පින්තූර අරගෙන මහත්තයට යවනවා. වැඩිපුර තියෙන්නේ දුවගේ හුරතල් වැඩ තමයි. අපි මහත්තයට පින්තූර යැව්වාම එයත් සෙල්ෆි එකක් අරගෙන අපිට එවනවා. එයා ශල්‍ය වෛද්‍යවරයෙක්නේ ගොඩක් වෙලාවට එයා එවන්නේ කොල පාට ඇඳුම් ඇඳලා මූණ වහලා ඉන්න පින්තූර. දුවව හිනස්සවන්න ඕන වුණොත් අතේ දාන ග්ලව් එකකට හුළං පුරවලා ඒකත් සෙල්ෆි අරගෙන එවනවා. අපි දෙන්නම දැන් ඉන්නේ දුවගේ ලෝකයේ. අපිත් පොඩි කාලෙට ගිහින් වගේ.
පුංචි දූ දඟමල්ලක්ද..?
දැන් නර්සරි යනවනේ. මගේ දූගේ වයසනම් අවුරුදු 3 යි මාස අටයි.
ඒ වුණාට හුරුවෙන්නත් එක්ක මම එයාව නර්සරි යවනවා. ඒ ගියාම දඟලන්න කෑගහන්න ටිකක් අමාරුයිනේ. ඒ නිසා ගෙදර ආපු වෙලාවේ ඉඳලා හැම තැනම දුවනවා. කෑ ගහනවා. මගේ ඇඟේ එල්ලෙනවා. සමහර වෙලාවට වැටෙනවත් එක්ක. එයා හරි ආසයි මම එයා ළඟ ඉන්නවට.
උදාරි කියන්නේ එයාගේ ජීවිතේ හැමදේටම වඩා පවුල තියෙන්නේ ඉස්සරහින් කියලයි. රඟපෑම් කටයුතුවලට දවස් 4 කට වඩා කොහේවත් නතරවෙන්නේ නෑ කියලයි.

දුවෙක් ඉන්න අම්මා කෙනෙක් නිසා වැඩක් භාරගනිද්දිම ඒක කියලලු උදාරි බාරගන්නේ. ඒ වගේම මහත්තයා ළඟ නැතත් හැම වෙලාවෙම වීඩියෝ කෝල් අරගෙන කතා කරනවලු.
රටවල් දෙකක හිටියත් ජීවිතේ හැමදේම කතාබහ කරලා දුක සතුට බෙදාගන්නවා කියලත් උදාරි කියලා තියෙනවා. ඒ වගේම අවුරුදු 20 දි විවාහ වුණු උදාරි 2012 අවුරුද්දේ මුලින්ම ජනප්‍රිය සම්මානය ගනිද්දි දුව ලැබෙන්න ඇවිත් මාස තුනයිලු. ජීවිතේ හැමදාම මුල්තැන දෙන්නේ එයාගේ මහත්තයටයි දුවටයි උදාරි කියන්නේ.
ලස්සන අම්මා කෙනෙක් වීමේ රහසත් කියමුද..?
ලස්සන වෙන්න අමුතු දේවල් කරන්නේ නම් නැහැ. මම මගේ මහත්තයයි දුවයි එක්ක ගොඩක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒ සතුට මාව ලස්සන කරනවා ඇති. අනික දුවෙක් ඉන්නකොට දුවවත් ලස්සනට තියාගෙන අම්මත් ලස්සනට ඉන්න එක හොඳයිනේ. හැබැයි මගේ රෝස මලනම් මගේ මහත්තයා සජිත් වගේමයි. මගේ පෙනුම ඇත්තෙම නෑ.
උදාරි කියන්නේ මහත්තයයි දුවයි ළඟම තියාගෙන ඉන්න පුළුවන් නිසා සිංගප්පූරු ජීවිතේට ආසයි කියලයි.
ඒ ජීවිතේ නිදහස් කියලත් උදාරි කියනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment