මෙහෙමත් කටු කෑමක්


රජිත හිරාන් චාමිකර ක්ෂේත්‍රයේ ජනප්‍රිය නමක්. නළුවෙක් වුණත් රජිත නිතර දෙවේලේ සංගීත ප්‍රසංග සඳහා විදෙස්ගත වෙනවා. ලංකාවේ වේවා පිටරටක වේවා කලාකරුවන් රැස්වන තැන් රස සාගරයක් වගේ. ඔවුන් කියන රසබර කතා වගේම එතැන මධුවිතක් නම් නොවරදින තරම්. අපේ කතා නායකයත් මධුවිතින් සප්පායම් වන වෙලාවක පුංචි පහේ සාදයක දී ඔහු මුහුණ පෑ අපුරු කතාවක් හෙළි කළා.

අපි ඩුබායි ප්‍රසංගයකට ගියපු වෙලාවක එතැන සිටි කලාකරුවන්ට පොඩි මධුවිතක් සුදානම් කර තිබුණා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ප්‍රසංගය අතරතුර මධුවිත තොලගෑවා. බයිට් එකට සුදානම් කර තිබුණේ චිකන් ඩෙවල්. ගොඩක් අය මධුවිතට වඩා රස බැලුවේ චිකන් ඩෙවල් එක. අපි කාපු මස්වල කටු අසල තිබුණු ප්ලේට් එකකට ගොඩ ගහලා තිබුණා.

අපි විවිධ දේ ගැන කතා බස් කරමින් සිටින අතරතුර එතැනට ඩුබායි වෙසෙන රසිකයෙක් ආවා. එයා හොඳටම මධුවිත අරගෙනයි හිටියේ. අපිත් එක්ක ළඟින් ඉඳගෙන තවත් මධුවිතෙන් සප්පායම් වෙන්න ඔහු පටන් ගත්තා. අපි කලා ඉවත් කර තිබු මස්කටු පීරිසියට අත දමමින් කන්න පටන් ගත්තා. අපිටත් කර කියා ගන්න දෙයක් නැහැ. කන බොන වෙලාවට මිනිස්සු අමුතුයිනේ. අපි කාපුවා කියල කියන්නත් බැහැ. කරබාගෙන හිටියා.

කොහොම හරි මස් කටු ප්ලේට් එකෙන් භාගයක්ම මේ රසිකයා බීමතින්ම කා දැමුවා. ඉතින් මොනවා කරන්නද අපිත් ඔහේ හිනාවෙවී හිටියා, මාධ්‍ය සගයන් සමුහයක් මැද්දෙ හිනා වෙවී ඒ කතාව කියපු රජිතම අසල තිබු මස් පීරිසියකට අත දාමා මස් කැබැල්ලක් අතට අරගෙන කටට දාගත්තා. හොඳම දේ තමයි බලන විට එයත් සාදයට ආ අමුත්තෙක් කාපු මස් කට්ටක් වීම., 


(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment