අවුරුදු 3ක් ඉවසා බැරිම තැන සිසුවකුගෙන් සිසුවියකට ප්‍ර‍හාරයක්..



සිසුවෙකු බ්ලේඩ් තලයකින් කැපීම හේතුවෙන් සිසුවියක් රෝහල්ගත කළ පුවතක් වාර්තා වනවා. මෙසේ කැපුම් තුවාල ලබා ඇත්තේ අනුරාධපුර නගරයේ පාසලක 8 වැනි වසරේ ඉගනුම ලබන ලබන සිසුවියක්. තුවාල ලැබූ සිසුවියගේ අතට මැහුම් 6ක් දමා තිබෙනවා.

ඇය විසින් තම පංතියේ ඉගෙනුම ලබන අදාල සිසුවාට පිස්සා යනුවෙන් කියමින් නිතර සමච්චල් කිරීමට හුරු පුරුදු වී සිට ඇතැයි පැවසෙනවා. දිගින් දිගටම සිදුවන මෙම සමච්චලයෙන් කුපිත වූ එම සිසුවා විසින් සිසුවියගේ අත බ්ලේඩ්තලයකින් කපා ඇති බවයි පැවසෙන්නේ.

තුවල ලැබූ සිසුවිය විසින් 5 වැනි වසරේ සිට එම සිසුවාට පිස්සා යනුවෙන් කියමින් උසුළු විසුළු කිරීම නිසා එය ඉවසා ගැනීමට නොහැකි තැන සිසුවා විසින් මෙම කි‍්‍රයාව සිදු කර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙලිව තිබෙන්නේ.

සිසුවාට ඇය විසින් විහිළු කිරීම පිළිබඳව සිසුවාගේ දෙමව්පියන් විසින් මීට පෙර අවස්ථාවකදී විදුහල්පතිවරයාට පැමිණිලිද කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුව නැතැයි වාර්තා වනවා.

අදාල සිසිුවිය පමණක් නොව පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුද මෙම සිසුවාට පිස්සා යනුවෙන් ආමන්ත‍්‍රණය කර පීඩාවට පත් කරන බවයි වාර්තා වන්නෙ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment