මෙම බිලියනපතියන් වාසය කරනු ලබන නගර පිළිබඳවද සඟරාව අනාවරණය කරනවා.
ඒ අනුව බිලියනපතියන් වැඩිම පිරිසක් සිටින නගරය වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේය. එහි වාසය කරන බිලියනපතියන් ගණන 79කි. දෙවැනි තැන පසුවන්නේ හොං කොං ය. එහි වෙසෙන බිලියනපතියන් ගණන 68කි. බිලියනපතියන් 60ක් මොස්කව් නුවර වාසය කරන අතර බීජිං නුවර බිලියනපතියන් 51ක් සිටී.
බිලියනපතියන් 48 දෙනෙකු සිටින ලන්ඩන් නගරය ලයිස්තුවේ පස්වැනි තැන ගනී. හයවැනි තැන පසුවන්නේ බිලියනපතියන් 32කු සිටිනා මුම්බායි නගරයයි. හත්වැනි තැනට චීනයේ ෂැංහයි නුවර පත්වන්නේ බිලියනපතියන් 31 දෙනෙකු එහි වාසය කරන බැවිනි.
අටවැනි ස්ථානයට නගර දෙකක් පත්ව තිබෙනවා. ඒ බිලියනපතියන් 30 දෙනෙකු බැගින් වාසය කරනු ලබන දකුණු කොරියාවේ සෝල් නුවර සහ චීනයේ සෙං ෂෙං නුවර යි.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment