අලුත්ම විදියට සෙල්ෆි ගන්න ෆේස්බුක් මිලදී ගත් App එක


ලෝකප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාගම විසින් මෑත කාලයේදී තරුණ තරුණියන් අතර ජනප්‍රිය වූ "MSQRD" ජංගම යෙදවුම (App) මිලට ගෙන තිබේ.  MSQRD ජංගම යෙදවුම් මගින් සජීවීව මුහුණේ ස්වරූපය වෙනස් කරමින් වීඩියෝ හා සෙල්ෆි ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

MSQRD යෙදවුම ඇපල් Appstore හි කෙටි කලක් තුලදී ජනප්‍රිය වී ඇති අතර ඒ අනුව ෆේස්බුක් සමාගම විසින් එම යෙදවුම මිලදීගැනීමට තීරණය කර තිබේ. ෆේස්බුක් සමාගම MSQRD යෙදවුම මිලදී ගැනීමත් සමග වඩා වැඩි පරිශීලකයන් පිරිසක් වෙත ලඟා වීමට හැකි බව MSQRD යෙදවුම නිපදවූ පිරිස විසින් මාධ්‍ය වෙත අදහස් පළකොට තිබුණි. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment