මහානාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව ඇමරිකාවේ ශෝකය පළ කරයි


සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන්ගේ අභාවය පිළිබඳව සංවේගය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් පවසනවා.

බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් සාමය සහ සංහිඳියාව සඳහා පෙනී සිටිමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතය නගා සිටුවීමට නොපසුබට උත්සාහයක් උන්වහන්සේ විසින් ගනු ලැබූ බවයි එම නිවේදනයේ පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලාංකිකයන් සහ ඇමරිකානුවන් අතර ඉමහත් ගෞරවයට පත් අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්ගේ අභාවය පිළිබඳව තමන් ඇතුළු ඇමරිකානු ජනතාවගේ ද සංවේගය ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලාංකික ජනතාව වෙත පළ කරන බවයි ඇමරිකානු තානාපතිවරයා සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර, අපවත්වී වදාළ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට උරුළෑවත්ත විහාරස්ථානයේ සිට අස්ගිරි මහා විහාරයේ උපාලි ශාලාව වෙත වැඩම කරවා තිබෙනවා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment