මහ රෑ වයිබර් චැට් කරලා අනියම් පෙම් සුව හොයන්න ගිහින් බිරිඳට වෙච්ච වැඩේ

තාක්ෂණයේ දියුණුව නිසාම ජීවිතේ එක එක ප්‍රශ්න ඇතිකරගන්න අයත් අපේ සමාජයේ ඕනතරම් ඉන්නවා

ඒ විදිහට ෆේස්බුක් හා වයිබර් නිසා පවුල් ආරවුලක් ඇතිකරගත්ත සිද්ධියක් ගැන පන්නල පැත්තෙන් අපිට අහන්න ලැබුණාසැමියා විසින් නිතර වයිබර් හා ෆේස්බුක් භාවිතා කරනවා කියලා ඇතිවුණු රණ්ඩුවක් පොලිසිය මැදිහත් වෙලා විසඳලා තියෙනවා

කොහොම වුණත් මේ අඹුසැමි යුවළ ආයෙමත් ආරවුලක් ඇතිකරගෙන. ඒ බිරිඳ විසින් වයිබර්වලින් තහනම් ප්‍රේමයක පැටලිලා කියලා සැමියාට ඇතිවුණු සැකයක් නිසා.





දෙවැනි පාරටත් පන්නල පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය මැදිහත් වෙලා ඔවුන්ට මේ ගැන තේරුම් කරලා මොවුන්ගේ අඹුසැමි ආරවුල සමථයකට පත්කරලා

යුද හමුදා සේවයේ නිරත වෙන සැමියා නිවසට පැමිණෙන විට දරුවන් සමග සිටිනවාටත් වඩා වැඩි කාලයක් ජංගම දුරකථනයේ රැදී ඉන්නවා කියන සැකය නිසයි මේ ආරවුල ඇතිවෙලා තියෙන්නේ.


සැමියා විසින්ම ස්මාට් ජංගම දුරකථයක් ලබාදීලා, වයිබර් හා ෆේස්බුක් ගැන පුහුණුවක්ද ලබාදීලා තමයි මොහු සේවයට ගිහින් තියෙන්නේ.


මධ්‍යම රාත්‍රියේ බිරිඳට වෙනත් පුරුෂයෙකු විසින් චැට් කරලා තිබුණු නිසා ඇතිවුණු සැකයක් නිසයි මේ ආරවුල පොලිසියට ගිහින් තියෙන්නේ

පොලිසිය කරුණු පැහැදිලි කිරීමෙන් පසු දෙදෙනාම සමාව ගෙන නැවතත් මෙවැනි වැරදි සිදු නොකරන බවට එකඟවීමෙන් අනතුරුව මොවුන් පොලිසියෙන් පිටව ගිහින් තියෙනවා කියලයි දැනගන්න ලැබුණේ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment