ණය ගෙවාගන්න බැරිවූ සැමියා Facebook හරහා බිරිඳ විකුණන්න දාපු ඇඩ් එක පත්තු වෙලා

ෆේස්බුක් හරහා සිය බිරිඳ අලෙවි කිරීමට උත්සාහ කල 30 හැවිරිදි පුද්ගලයකු සොයා ඉන්දීය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔහු ලබාගෙන ඇති ණය පියවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂයකට බිරිඳ අලෙවි කරන බවට මේ පුද්ගලයා ෆේස්බුක් වෙබ් අඩවිය හරහා දැන්වීමක් පළකර තිබුණා
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි මෙම සැකකරු මීට වරසර 4 කට පමණ පෙර විවාහ වී ඇති අතර ඔවුන්ට අවුරුදු 3 ක දියණියක් ද සිටිනවා.

කෙසේ වෙතත් තමාව සැමියා විසින් ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කිරීමට උත්සාහ කරන බවට එම බිරිඳ පොලිසියට කල දැනුම්දීමකට අනුවයි පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

කලින් පදිංචි වී සිටි නගරයෙන් මෙම පුද්ගලයාට ණය ගෙවා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයට පදිංචිය සඳහා පැමිණ ඇති අතර ඒත් ඔහුගේ ණය ගැනිම්වල අඩුවක් නොමැති බවයි බිරිඳ පවසන්නේ
ණය ලබාගෙන ඒවා නොගෙවීමේ පුරුද්ද හේතුවෙන් බිරිඳ විසින් මෙම සැමියාව නිවසින් එලවා දමා ඇති අතර ඉන් පසුවයි ඔහු බිරිඳව ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ විකිණීමට සුදානම් වී ඇත්තේ.

hiru news

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment