ඒකාබද්ධ විපක්ෂය 6 වන වරටත් පොල් ගසයි

රජයේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද 6 වන වරටත් පොල් ගසා දේව කන්නලව්වක නිරත වීමට නියමිතයි. 

ඒ කුලියාපිටිය - සූනියම් දේවාලයේදියි. 

මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම දේවාලයට එක්රැස් වෙමින් සිටින බවයි වාර්තාවන්නේ. 

ඊට ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටිනවා.            

මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය රජයට එරෙහිව පොල්ගසා දේව කන්නලව් සිදුකරනු ලැබුවා. 

ඒ හික්කඩුව - සීනිගම දේවාලය, රත්නපුර - ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව - කුඩාකතරගම දේවාලය සිංගක්කුලිය - අයියනායක දේවාලය මොරටුව - ලූනාව දේවාලය සහ මෝදර - කාලිමෑණියන්ගේ දේවාලයේදීයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment